ජෝනිගේ ලේකම්ටත් දුෂණ චෝදනා

0
809

 

2011 වසරේදී මහපොළ ලොතරැයිය ක්‍රියාත්මක කිරිමේ බලය මලයාසියා ජාතික දතෝ ටියෝන් ටින් සින්ග් නැමැත්තාට හිමි Oceanic Games (Pvt) Ltd සමාගමට පැවරිමේදී බරපතල මුල්‍ය අක්‍රමිකතාවක් සිදුවි ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, එම ගනුදෙනුවට මොහොමඩ් ඉල්ලියාස් නමැති ව්‍යාපාරිකයකු ද සම්බන්ධ බවට අනාවරණය කරගෙන තිබේ.
හිටපු සමුපකාර හා වෙළඳ ඇමැති ජොන්සටන් ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධිකරන ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති මෙම රිස්වි ඉල්ලියාස් නැමැත්තා, මලයාසියා ජාතික දතෝ ටියෝන්ගේ දේශීය නියෝජිතයාවේ.
මෙම මලයාසියානු ජාතික ව්‍යාපාරිකයා මෙරට ගුවන් විදුලි නාලිකාවක් මිලදී ගැනීමට මුදල් යොදවා තිබු බව ද අනාවරණය වේ.
මිට මාස කිහිපයකට පෙර විදේශයකදී ආණ්ඩුවේ ප්‍රබල එජාප ඇමතිවරුන් දෙදෙනෙකු හමුව ඇති මලයාසියා ජාතික දතෝ ටියෝන් නැමැත්තා තමන්ට බලවත් ආසාධාරණයක් සිදුව ඇතයි පවසා තිබේ.
ඉන් අනතුරුව මොහු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන නවතා දැමීමට ආණ්ඩුවේ ප්‍රභල ඇමතිවරු දෙදෙනෙකු මේ වන විට උත්සාහ දරමින් සිටින බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම මුල්‍ය  අක්‍රමිකතාව සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය හිටපු සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන්ගෙන් මිට ඉහතදී ප්‍රශ්න කර තිබිණ.
මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙම ගනුදෙනුවේදී ප්‍රසම්පාදන ක්‍රමවේදය හෙවත් ටෙන්ඩර් පරිපාටියට බැහැරව කටයුතු කැර ඇතැයි චෝදනා එල්ලවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here