ඥාති සොහොයුරියට ලිංගික අතවර කළ හමුදා සෙබලෙකු අත්අඩංගුවට

0
268

තම පියාගේ බාල සහෝදරයාගේ 16 හැවිරිදි දියණියට ලිංගික අතවරයක් කිරීම සම්බන්ධයෙන් 24 හැවිරිදි හමුදා සෙබලෙකු ගෝනගංආර පොලීසිය මඟින් ඊයේ (03) අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර හමුදා සෙබලා තම බාප්පාගේ දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඉකුත් දෙවෙනිදා රාත්‍රී ඇයගේ නිවසට ගොස් අඹුසැමියන් ලෙස හැසිරී ඇති බව වාර්තා වෙයි දැරියගේ සීයා ඒ බව දැනගෙන පොලීසියට පැමිණිලි කර ඇත 1995 අංක 22 දරණ පනතේ 364 (අ) වගන්තිය යටතේ ව්‍යාභිචාරය සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නඩුපැවරීමට පොලීසිය කටයුතු කරගෙන යයි. සැකකරු අද  (04) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ගෝනගංආර පොලිසිය විසින් මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here