Saturday, September 21, 2024

ඥානසාර හිමියන් එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් කණගාටු වෙනවා

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් කණගාටු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා සඳහන් කරයි.

එම පත්කිරීම නිසා ජේ. ආර්. ජයවර්ධන මහතා ඇති කරන බව ප‍්‍රකාශ කළ ධර්මිෂ්ට සමාජයට අත්වූ ඉරණම එක රටක් එක නීතියක් ඇති කිරීම සඳහා ඉදිරිපත් වී ඇති අපේක්‍ෂාවටත් අත්විය හැකි බව පැවසූ මන්ත‍්‍රීවරයා එබඳු ධුරයක් සඳහා පත් කරන පුද්ගලයන් තුළම ආදර්ශයක් තිබිය යුතු බවත් පැවසීය. එය කණගාටුදායක තත්ත්වයක් බව පැවසූ කුමාරතුංග මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේ එම වරද නිවැරදි විය යුතු බවයි.


නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ජනාධිපතිවරයාට අවංක උවමනාවක් තිබේ දැයි සැක සහිත බවත් ඒ මහතා පැවසීය.
ජනාධිපතිගේ දෙවැනි පදවි ප්‍රාප්තිය ට පෙර නව ව්‍යවස්තාවේ මූලික කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට පැහැදිලි ප්‍රකාශයක් කළ නමුත් එය මේ දක්වා සිදු නොවීම මත ඒ පිළිබඳ අවංක උවමනාවක් දැයි නොදන්නා බවත් මන්ත්‍රීවරයා පැවසීය.


එම ප්‍රතිඥාව මේ වන විට ඉටු කළ යුතු ප්‍රතිඥාවක් ලෙස සලකන බවද කී මන්ත්‍රීවරයා එක රටක් එක නීතියක් බලකායේ ප්‍රධානියා ලෙස පත් කර ඇති ස්වාමින් වහන්සේ ගත්කල ආදර්ශයක් තිබිය යුතු බවද එම බළකාය සම්බන්ධයෙන් කනගාටු වන බවත් කියා සිටියේය.
කොළඹ පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවක දී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

“ඇත්ත වශයෙන්ම අපට සෑහීමකට පත්වෙන්න අමාරුයි කියන එකයි මම කියන්නෙ. එතුමා ප්‍රතිඥා දුන්න අර එක රටක් – එක නීතියක් කියන කාරණය සම්බන්ධයෙන් වුණත් අපි ඉතාම කණගාටු වෙනවා ඒ බලකායට ප්‍රධානියා හැටියට පත්කරලා තියෙන ස්වාමීන් වහන්සේ ගත්තාම ….. එහෙම ආදර්ශයක් තියෙන්න ඕනෙ නෙ. ජනාධිපති කාර්ය සාධක බලකාය සම්බන්ධයෙන් නම් අපේ තියෙන්නෙ ඉතාමත්ම කණගාටුදායක තත්වයක් කියන එක තමයි අපට කියන්න තියෙන්නෙ”

එක රටක් – එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වශයෙන් ජනාධිපතිවරයා විසින් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ව පත්කිරීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles