Saturday, September 21, 2024

ඥානසාර හිමි මන්නාරම් යයි

පූජ්‍ය රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මන්නාරම ප්‍රදේශයේ සිදුකල සංචාරයක් අතරතුර ගොවි ගැටළු ඉදිරිපත් කිරීම සඳහා ප්‍රදේශයේ ගොවිජනතාව සිදුකල ඉල්ලීමකට මඩු, කෝවිල් මෝට්ටේ වගා භුමි තිබෙන ප්‍රදේශයට වැඩම කරන ලදි.

වසර 40 කට ආසන්න ප්‍රමාණයක් එම ප්‍රදේශයේ ගොවියන් වගා කටයුතු සිදුකරන බවත් යුද්ධයෙන් පසුව එම වගා බිම් මඩු දේවස්ථානයට අයිති බව පවසන බව ගොවියන් සඳහන් කරන ලදී.

පසුගිය රජය යටතේ මඩු දේවස්ථානයට ලබා දුන් අක්කර 500 ක භුමි ප්‍රදේශයට මෙම වගාබිම් අයිතිදැයි ඥානසාර හිමියන් ගොවියන්ගෙන් විමසු විට එම අක්කර 500 ට ද මෙම භුමි ප්‍රදේශය අයිති නොමැති බව ගොවියන් සඳහන් කරන ලදි.

භුමි ප්‍රදේශය වගාකටයුතු සඳහා ගොවියන්ට රජයෙන් නිදහස් කර ඇති බවට සනාත කෙරෙන ලිපි ලේඛන ගොවියන් විසින් ඥානසාර හිමියන්ට පෙන්වන ලදි.

පූජ්‍ය රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මන්නාරම ප්‍රදේශයේ සිදුකල සංචාරයක් අතරතුර  තිරුකෙඩීෂ්වරන් හිංදු කෝවිලේ ලේඛම්වරයා විසින් සිදුකල ආරාධනයකට අනුව එම කෝවිලට වැඩම කරන ලදි.

පෘතිගීසින් විසින් කෝවිල විනාශ කිරීමෙන් වසර 300 කට පසු 1903 වසරේදී කුඩා කෝවිලක් ලෙස  තිරුකෙඩීෂ්වරන් හිංදු කෝවිල යලි ආරම්භ කල බවත් දැන් වන විට විශාල ගැටළු ප්‍රමාණයකට කෝවිල මුහුණ දෙමින් සිටින බවත් ප්‍රදේශයේ දේශපාලකයන් ඇතුළු නිලධාරීන් ප්‍රශ්නය මග හරිමින් සිටින බවත් කෝවිලේ ලේකම්වරයා ඥානසාර හිමියන්ව දැනුවත් කරන ලදි.

ප්‍රදේශය නියෝජනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මන්නාරමේ හිංදු ජනතාවගේ හෝ කෝවිල්වල ප්‍රශ්න පිළිබඳව සංවේදී නොවන බවත් එනිසා තමන්ගේ ගැටළු ඥානසාර හිමියන්ට ඉදිරිපත් කිරීමට තීරණය කළ බවත් තිරුකෙඩීෂ්වරන් හිංදු කෝවිලේ දායක සභාව සඳහන් කරන ලදි.

මෙහිදී ඥානසාර හිමියන්ව මල් ඉසිමින් පිළිගැනීමට මන්නාරමේ ජනතාව කටයුතු කරනු ලැබීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles