ටවර්හෝල් පදනම ‘නට්ටන්’ වෙයි… කලාකරුවන්ට මාසික දීමනාව දීගන්නවත් බෑ

0
341

ටවර්හෝල් පදනමින් මාසික දීමනාවක් ලැබූ කලාකරුවන්ට එම දීමනාව ගෙවීමට නොහැකි මට්ටමින් දැඩි මූල්‍ය අර්බුදයකට එම පදනම පත්ව ඇතැයි වාර්තාවෙයි.

එසේවී ඇත්තේ කොවිඞ් වසංගතය හමුවේ ටවර්හෝල් සහ එල්ෆින්ස්ටන් රංග ශාලා වසා දැමීම නිසා ඉන් ආදායමක් නොලැබීමත් ටවර්හෝල් පදනමට අයත් සව්සිරිපායේ මහල් දෙකක් බදුගෙන සිටින ඉදිකිරීම් සංවර්ධන අධිකාරිය විසින් නියමිත බදු මුදල නොගෙවීමත් නිසා බව ටවර් හෝ්ල් රඟහල පදනම සුරැුකීමේ පදනමේ ලේකම් ප‍්‍රවීණ රංගන ශිල්පී උදේනි චන්ද්‍රසිිරි මහතා පැවසීය.

මෙම පදනමින් මාසිකව දිමනාවක් ලබන කලාකරුවෝ 141 දෙනෙක් සිටිති. එක් සාමාජිකයෙක් වෙත මාසිකව රුපියල් 7500ක මුදලක් ලබාදේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here