Monday, January 13, 2025

ට්‍රම්ප්ගේ Truth Social සමාජ මාධ්‍ය ජාලය එළි දකී

හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මැදිහත් වී ස්ථාපිත කළ ‘ටෲත් – ෂෝෂල්’ නමැති සමාජ මාධ්‍ය ජාලය අද (21 දා) ආරම්භ වෙයි.

හිටපු ජනපතිවරයාගේ මෙම නව සමාජ මාධ්‍ය ජාලය Truth Social ලෙස නම්කර ඇත.

මේ වන විටත් ඒ වටා බොහෝ පිරිසක් ඒකරාශී වෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

ට්‍රම්ප්ගේ මෙම නව සමාජ මාධ්‍ය ජාලය ලොව ප්‍රකට Apple Store හරහා සමාජ මාධ්‍ය ජාල පරිශීලකයින් වෙත ලබාදීමට කටයුතු කර ඇති අතර ඇපල් මෙවලම් සඳහා එය බාගත කර ගැනීමේ හැකියාවක් මේ වනවිට පවතිනවා.

කෝටිපති ව්‍යාපාරිකයකු ද වන ට්‍රම්ප්ට “Truth Social” හරහා කිසිදු බාධාවකින් තොරව ඔහුට රිසි පරිදි ඔහුට පැවසීමට ඇති දේ සමාජගත කිරීමට කටයුතු කරනු ඇති බව ඇමරිකන් මාධ්‍ය පෙන්වා දෙයි.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් හේතුවෙන් ට්විටර් ඇතුළු ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ජාල කිහිපයක්ම ඔහුට වාරණයක් පැනවීමට පසුගිය කාලය තුළ කටයුතු කළා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ තමන්ගේම සමාජ මාධ්‍ය ජාලයක් එළිදැක්වීමට කටයුතු කරන බවයි.

ඒ අනුව ට්‍රම්ප් සිය අරමුණ මේ වනවිට ළඟාකරගෙන ඇති අතර, ලොව පුරා විසිරි සිටින ඇපල් මෙවලම් මඟින් සමාජ මාධ්‍ය ජාලයන් හා සම්බන්ධ වී සිටින පුද්ගලයින්ට මෙම නව සමාජ මාධ්‍ය ජාලයට පිවිසීමේ අවස්ථාව ද උදා වී ඇත.

2020 ජනාධිපතිවරණයෙන් ට‍්‍රම්ප් පරාජය වූ විට ඔහු එය පිළිගැනීම ප‍්‍රතික්ෂේප කළේය. 2021 ජනවාරියේ සුදු අන්තවාදීන් ඇමරිකාවේ කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදුණේ ට‍්‍රම්ප් ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ කළ උසි ගැන්වීමෙනි. එම සිදුවීමෙන් පසු ට්විටර්, ෆෙස්බුක්, යූ ටියුබ් ආදි සමාජ මාධ්‍ය ට‍්‍රම්ප්ට තහංචි පනවමින් ට‍්‍රම්ප්ගේ ගිණුම් අත්හිටුවීමට පියවර ගත්තේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles