Friday, January 24, 2025

ටැබ් ටෙන්ඩරය වැඩි මිල සමාගමට රජයට පාඩුව ලක්‍ෂ 26,000 ක්‌

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් උසස්‌පෙළ පාසල් සිසුන් සඳහා ටැබ් පරිගණක ලබාදීමට කැඳවූ ටෙන්ඩරය ඒ සඳහා වූ තාක්‍ෂණ ඇගයීම් කමිටුව මගින් වැඩි මිලක්‌ ඉදිරිපත් කළ සමාගමකට ලබාදීම නිසා රජයට රුපියල් මිලියන දෙදහස්‌ හයසියයකට එනම් රුපියල් ලක්‌ෂ විසිහයදහසකට අධික පාඩුවක්‌ සිදුවී තිබේ.

2017 අයවැය යෝජනා යටතේ උසස්‌ පෙළ සිසුන්ට ටැබ්ලට්‌ පරිගණක ලබාදීමට වත්මන් රජය විසින් තීරණය කරන ලද අදාළ ව්‍යාපෘතිය සඳහා රජය රුපියල් මිලියන පන්දහසක්‌ (රුපියල් ලක්‌ෂ පනස්‌ දහසක්‌) වෙන් කරන ලදී. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය විසින් එම ටැබ්ලට්‌ පරිගණක මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවන ලද අතර ඒ සඳහා රාජ්‍ය සමාගම් කීපයක්‌ද ඇතුළුව සමාගම් දහයක්‌ ඉදිරිපත්ව තිබිණි.

වරින්වර ඇතිවූ විවිධ තත්ත්වයන් හා ගැටලු මත මේ සඳහා පත්කරන ලද තාක්‌ෂණ ඇගයීම් කමිටුව හා ටෙන්ඩර් මණ්‌ඩලය වෙනස්‌ කරන ලදී.

අදාළ ටෙන්ඩරයේ අක්‍රමිකතා සිදුවන බවට ලැබුණු තොරතුරු මත අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවී ඇති අතර ඇමැතිවරයා විදේශගතව සිටි අවස්‌ථාවේ හදිසියේම ටෙන්ඩර් මණ්‌ඩලය විසින් අදාළ ටෙන්ඩරය වැඩි මිලක්‌ ඉදිරිපත් කළ සමාගමකට රුපියල් ලක්‌ෂ හැට අට දහස්‌ නවසිය තිස්‌ හතක මිලකට ලබාදී තිබේ. මේ අනුව එම ටෙන්ඩරය සඳහා අවම මිල ගණන් ඉදිරිපත් කළ සමාගම් හා සසඳන විට රුපියල් ලක්‌ෂ විසිහය දහසකට (මිලියන 2600) වඩා වැඩි මුදලකට මෙම ටෙන්ඩරය පිරිනමා තිබේ.

මේ සඳහා හේතුව ලෙස මුලින් ටෙන්ඩර් කැඳවීමේදී ඉදිරිපත් කර තිබූ පිරිවිතරවලට (කොන්දේසි) පරිබාහිරව වෙනත් පිරිවිතරයක්‌ අතර මැදදී ඉල්ලා ඇති අතර එය පදනම් කරගෙන අදාළ සමාගමට වැඩි මිලට ටෙන්ඩරය පිරිනමා තිබේ. එම පිරිවිතරය ඇමරිකා එක්‌සත් ජනපදයේ ව්‍යාපාරවලට අදාළ එමෙන්ම මෙරටට බල නොපාන මෙරට කිසිදු ටෙන්ඩරයකට මෙතෙක්‌ ඇතුළත් නොකළ පිරිවිතරයක්‌ බව අධ්‍යාපන අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු zදිවයිනZට පැවසීය.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතාගෙන් කළ විමසීමේදී ඇමැතිවරයා පැවසුවේ තමා විදේශගතව සිට මෙරටට පැමිණියේ ඔක්‌තෝබර් 14 වැනිදා බවත් කෙසේ වෙතත් අදාළ ටෙන්ඩරයේ වරදක්‌ සිදුවන්නට තමන් කිසිසේත් ඉඩ නොදෙන බවත්ය. එම ටෙන්ඩරයෙන් රටට පාඩුවක්‌ සිදු වන්නට ඉඩ නොතබන බවත් අවසානයේ මෙය කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කරන්නේ තමන් බැවින් වරදක්‌ සිදුව ඇත්නම් එය නිවැරදි කළ හැකි බවත් පැවසූ ඇමැතිවරයා අදාළ කටයුතු තවම අවසන් නැති බවත් මේ ගැන සොයා බලා ගතයුතු පියවර ගන්නා බවද ඇමැතිවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්‌ටිආරච්චි මහතාගෙන් zදිවයිනZ කළ විමසීමේදී අදාළ ටෙන්ඩරයට ඉදිරිපත් වූ සමාගම් අතරින් තාක්‌ෂණික සුදුසුකම් සපුරන ලද සමාගම් එකක්‌ පමණක්‌ තිබූ බැවින් එම සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කළ බව පැවසීය. අදාළ සමාගම පමණක්‌ සපුරාලන ලද තාක්‌ෂණික සුදුසුකම කුමක්‌දැයි zදිවයිනZ කළ විමසීමේදී ඒ පිළිබඳව තමන් කිසිවක්‌ නොදන්නා බවත් දරුවන්ගේ ආරක්‌ෂාවට සෞඛ්‍ය ආරක්‌ෂිත දෙයක්‌ වියහැකි බවත් ලේකම්වරයා පැවසීය.

මේ ටෙන්ඩරයට විවිධ සමාගම් අඩු මිල ගණන් ඉදිරිපත් කර ඇති බවත් , රජය ඒ සඳහා රුපියල් ලක්‌ෂ පනස්‌දහසක්‌ වෙන්කර තිබියදී රුපියල් ලක්‌ෂ හැටඅට දහස්‌ නවසිය තිස්‌ හතකට එනම් අඩුම මිලට වඩා රුපියල් ලක්‌ෂ විසිහයදහසකට වැඩි මුදලකට ටෙන්ඩරය පිරිනැමීම වරදක්‌ නොවේදැයි දිවයින කළ විමසීමේදී ඒ සඳහා වෙන්කළ මුදල හා එසේ වැඩි මුදලකට පිරිනැමීම ගැන තීරණය මහා භාණ්‌ඩාගාරය සතු බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා පැවසීය.

අධ්‍යාපන අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුවේ මෙය මෙරට තොරතුරු තාක්‌ෂණ ක්‌ෂේත්‍රයේ විශාලතම ටෙන්ඩරයක්‌ වන අතර පසුව හදිසියේ ඇතුළත් කරන ලද සහතිකයක්‌ පදනම් කරගෙන මහජන මුදල් ලක්‌ෂ විසිහය දහසක්‌ වැඩිපුර වැය කිරීම බරපතළ අපරාධයක්‌ බවයි.

ජනිත සෙනෙවිරත්න

140x120

ප්‍රාදේශීය පුවත්

බිංගිරියේ ගුරු සිසුහු 72ක්‌ එකවර ලෙඩ වෙති 

Oct 16 2017 00:00Hits 84

බිංගිරියේ ගුරු සිසුහු 72ක්‌  එකවර ලෙඩ වෙතිහදිසියේ ඇතිවූ වමනය හා පාචන රෝගී තත්ත්වයක්‌ හේතුවෙන් බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ගුරු සිසු-සිසුවියන් 72 දෙනෙක්‌ පෙරේදා (14 දා) බිංගිරිය දිසා රෝහලට ඇතුළත් කරනු ලැබූහ.    13 වැනිදා…

පාලින්දනුවර තුන්නිවුන් දරුවන්ට පිහිට වෙමු 

Oct 16 2017 00:00Hits 323

පාලින්දනුවර තුන්නිවුන් දරුවන්ට පිහිට වෙමුහොරණ මූලික රෝහලේදී පසුගියදා (12 දා) තුන් නිවුන් දරු උපතක්‌ සිදුවිය. ඒ පාලින්දනුවර, කෙළින්කන්ද – කල්ලෙවත්තෙහි පදිංචි පී. වී. විශ්මි මේකලා සහ රසාන් නිමේෂ් යන දෙමවුපියන්ට දාවය. මෙම දරුවන්ගෙන් දෙදෙනකු…

තුල්හිරියේ වාහන ගැටී දෙදෙනෙක්‌ මියයති – 8 දෙනකුට බරපතළ තුවාල 

Oct 16 2017 00:00Hits 127

වරකාපොල තුල්හිරිය ඇඟලුම් කම්හලකට සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන්රථයක්‌ තුල්හිරිය නගරයට ආසන්නයේදී (14 දා) දහවල් වෙනත් වෑන්රථයක ගැටීමෙන් සේවක සේවිකාවන් ගමන්ගත් වාහනයේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්‍ෂයට පත්වූ බව…

ඉබ්බන් ඇල්ලූ 6 දෙනකුට රු. 60,000 ක්‌ දඩ 

Oct 16 2017 00:00Hits 93

 දිය සිඳීයමින් පැවැති වැවක ඉබ්බන් අල්ලමින් සිටි පුද්ගලයන් 6 දෙනකු හෙට්‌ටිපොල පොලිsසියට ලැබුණු තොරතුරකට අනුව පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.    හෙට්‌ටිපොල – පිහිඹිය වැවේ ඉබ්බන් අල්ලමින් සිටි මොවුන් අත්අඩංගුවට…

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles