ටිපර් රථයක් සමග පාලමක් කඩා වැටෙයි

0
284

සිංහරාජ වනාන්තර සීමාවේ පිහිටා ඇති දොඹගොඩ සහ ලංකාගම යන ගම්මාන යාකරමින් ඉදිකර තිබූ මෙදේරිපිටිය පාලම ඊයේ (24) දහවල් කඩා වැටී ඇති බව වාර්තා වනවා.

ගිංගඟේ අතු ගංගාවක් හරහා ඉදිකර ඇති මෙම පාලමෙන් ටිපර් රථයක් ධාවනය කරමින් තිබූ අවස්ථාවක එය කඩා වැටී ඇති බවයි වාර්තා වුණේ.

සැහැල්ලු වාහන පමණක් යා හැකි ආකාරයට ඉදිකර තිබූ මෙම පාලම පසුගිය 2003 වසරේ දී සිදුකළ අලුත්වැඩියා කිරීමකින් පසු ඒ හරහා බර වාහන ධාවනයට ඉඩ ලබා දී තිබුණේ නැහැ.

කෙසේ වෙතත් පාලම කඩා වැටීමෙන් අද සිදු වූ මෙම අනතුරෙන් ටිපර් රථයට හෝ එහි රියදුරුට හානියක් සිදුව නොමැති බව වාර්තා වෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here