Sunday, September 22, 2024

ටිරාන් අලස්ට වැඩ වරදි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර නිකුත් කළ අතුරු නියෝගය මඟින්  අලස් මහතාට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරීමේ බාධාවක් නීතීපතිවරයාට පනවා නැතැයි  ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් අද (18) ඒකමතිකව තීන්දු කළේය.

රජයේ රුපියල් මිලියන දෙසීයක් සාවද්‍ය සාපරාධි පරිහරණය , ඒ සඳහා අනුබල දීම , කුමන්ත්‍රණය කිරීම ඇතුළු අධි චෝදනා හතක් යටතේ නීතිපතිවරයා විසින් මේ වන විට කොළඹ මහාධිකරණය යටතේ පවරා ඇති නඩුව දිගටම පවත්වාගෙන යැ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

එසේම පවත්වනු ලබන විමර්ශන වලට අනුව මහාධිකරණය හමුවෙහි ටිරාන් අලස් මහතාට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමේ හැකියාව නීතිපතිවරයාට ඇති බවද ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය. ටිරාන් අලස් මහතාට එරෙහිව පවරා ඇති නඩුව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙහි පිටපතක් කඩිනමින් මහාධිකරණය වෙත යොමු කරන ලෙසද නියෝග කැරිණි.

ඊවා වනසුන්දර ,අනිල් ගුණරත්න සහ ප්‍රසන්න ජයවර්ධන යන  ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳැවිණි.

ටිරාන් අලස් මහතා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගය පැහැදිලි කිරීමක් සිදු කරන ලෙස ඉල්ලා මහාධිකරණය විසින් යොමු කරන ලද මෝසමක් පිළිබඳ කරුණු සලකා බැලීමේන් පසු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගයන් නිකුත් කරන ලදී

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles