Sunday, September 22, 2024

ටෙලිකොම් ආරක්ෂාව විශ්‍රාමිකයෙකුට භාර දීලා Sri Lanka Mirror වාර්තා කරයි

ටෙලිකොම් සමූහ ආරක්ෂක නිලධාරී තනතුරට විශ්‍රාමික හමුදා නිලධාරියකු බඳවාගෙන ඇතැයි වාර්තා වේ.මෙසේ බඳවාගෙන ඇත්තේ මේජර් ජනරාල්වරයෙකි.ප්‍රධාන සමූහ ආරක්ෂක නිලධාරියාට රුපියල් මිලියනයකට ආසන්න මාසික වැටුපක් ගෙවන අතර ඔහුට ආයතනයෙන් පෙට්‍රල් ලීටර් 600ක් ලබාදෙන බවද පැවසේ.
ඊට අමතරව ඔහුට රුපියල් ලක්ෂ 4ක් පමණ වටිනා පරිගණකයක් හා ලක්ෂ 3ක් පමණ වටිනා ජංගම දුරකථනයක් ද ලබාදී ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මේ අතර එම මේජර් ජනරාල්වරයාට සුළු මුදල් ලෙස රුපියල් ලක්ෂයක් පරිහරණය කිරීමේ හැකියාවද සතු බව පැවසේ.
කෙසේවුවද, මේවන විට ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන නිලයන් සඳහා විශ්‍රාමිකයන් තිදෙනෙකුගේ සේවය ලබා ගැනීම හේතුවෙන් එම ආයතනයේ කාර්‍යක්ෂමතාව අඩුවී ඇති බවද වාර්තා වේ.
ටෙලිකොම් සමූහ ආරක්ෂක නිලධාරී තනතුරට බඳවාගෙන ඇති මේජර් ජනරාල් නිර්මාල් ධර්මරත්න, ප්‍රධාන පිරිස් නිලධාරී අරුණ ජයසේකර හා සමූහ ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරී ලලිත් වේරගම යන තිදෙනා මෙසේ එම ආයතනයේ ප්‍රධාන නිලතල දරණ විශ්‍රාමිකයෝ වෙති.
මේජර් ජනරාල්වරයා විසින් ටෙලිකොම් ආයතනයේ ආරක්ෂාවට වෙන්කර තිබූ රුපියල් මිලියන 50ක පමණ මුදල ඉක්මවා යමින් රුපියල් මිලියන 150ක් වියදම්කර නව මෙහෙයුම් මැදිරියක් ඉදිකිරීමට දැමු සැලැසුමක් සම්බන්ධයෙන්ද සේවක කනස්සල්ල පලව ඇති බව වාර්තා වේ.
ඒ මේ කොරෝනා සමයේ සේවකයන්ද අඩුවෙන් සේවයට වාර්තා කරද්දී එවැනි මුදලක් වියදම් කර මෙහෙයුම් මැදිරියක් ඉදිකිරීම නිෂ්ඵල දෙයක් බව පෙන්වාදෙමිනි.
-Srilankamirror

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles