Thursday, November 28, 2024

ටෙලිකොම් කැමිපස් එකත් රැපියල් මිලියන 410 කට විකුණයි

SLT Campus (පුද්) සමාගමේ 100 ක කොටස් හිමිකාරීත්වය අලෙවි කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් ශ්‍රී ලංකා ටෙලිකොම් පවසන්නේ Tempest Two (පුද්) සමාගම වෙත SLT Campus (පුද්) සමාගමේ 100 ක කොටස් අයිතිය අලෙවි කිරීමට තීරණය කර ඇති බවයි.

එමෙන්ම මෙම ගනුදෙනුවේ වටිනාකම රු. මිලියන 410 ක් වේ.

ඒ අනුව අංක 46/58 නවම් මාවත, කොළඹ 02 ස්ථානයේ පිහිටි ‘මිලේනියම් හවුස්‘ ගොඩනැගිල්ලේ පස්වැනි මහලේ (Level 5 හි) මෙම Tempest Two (පෞද්) සමාගම පිහිටා තිබේ.

ඒ අනුව SLT Campus (පෞද්) සමාගමේ 100%ක හිමිකාරිත්වය මෙලෙස ටෙම්පෙස්ට් ටූ (පෞද්) සමාගම වෙත SSPA (Share Sale and Purchase Agreement) එකඟතාවක් ලෙස අලෙවි කිරිම සිදු කර තිබෙන බවට මාධ්‍ය වාර්තාවල දැක්වේ.

මේ අතර අදාළ ගනුදෙනුව සම්පූර්ණයෙන්ම අවසන් කිරීම පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බවත් ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගම පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles