Saturday, September 21, 2024

ටෙලිකොම් මෑන්පවර් ගැටළුව විසඳයි

ටෙලිකොම් මෑන් පවර්  උත්ගතව ඇති ගැටළු සම්ළන්ධයෙන් අපකළ විමසීමකදී අමාත්‍යංශ ලේකම්වරයා පැවසූයේ  ශ්‍රී ලංකා ටෙලිකොම් හියුමන් කැපිටල් සොලූශන් (HCS) ආයතනය මෑන් පවර් ආයතනයක් නොව ටෙලිකොම් ආයතයට අනුබද්ධ ආයතනයක් බවයි.
එවකට පැවති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ අාණ්ඩුව විසින්  අඩු සුදුසුකම් යටතේ සේවකයන් මෙම ආයතනයට බදවා ගෙන ඇති අතර මෙහි දැනට සේවකයින් 2000ට ආසන්න ප්‍රමාණයක් සේවයේ නියුතුව සිටින බවද ටෙලිකොම් ආයතනයේ නිත්‍ය සේවකයින් 4000ට අධික සංඛ්‍යාවක් සේවයේ නියුතුව සිටින බවයි.
විෂය භාර අමාත්‍යවරයා වශයෙන් අමාත්‍යංශය භාරගත් දිනයේ සිට අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා  මෙම ගැටළුව නිරාකරනය කිරීමට විශාල උත්සහයක් දැරෑ බවද  ගැටළුව මුලින් පැමිණි අවස්තාවේ යොජනාවක් වශයෙන් මෙම සේවකයින්ගේ සුදුසුකම් මත පදනම්ව  ටෙලිකොම්හි සේවකයින් බදවාගැනීමේ පටිපාටියට අනුව මෙම බදවන්නා ගන්නා ලෙසත් තමන් හට අසාධාරණයක් නොවන පරිද්දෙන් මෙය සිදුකරන ලෙස ටෙලිකොම් නිත්‍ය සේවකයින් තරයේ ඉල්ලා සිටින බවයි.
මෙම අඩු සුදුසුකම් සහිත නමුත් ටෙලිකොම් සමාන ශ්‍රේණියේ (Grade) සේවය කරන HCS සේවකයන් ටෙලිකොම්හි එම  ශ්‍රේණියේ වෙත අනුයුක්ත කළහොත් උසස්වීම් ලබා ගැනීමේදී මොවුන්ට අළුතින් බදවා ගන්නා ලබන HCS සේවකයින් සමගද තරග කිරීමට සිදුවන බැවින් ඉංජිනේරැවන් ප්‍රමුඛ මොවුන්  විශාල වැඩ වර්ජනයකට එලබීමට සූදානම් වියහැකි බවයි.එහිදී එම ගැටළුව HCS සේවකයන් වෙනුවෙන් සහයෝග දක්වන ලබන වෘතියසමිතිද එය පිළිගත් බවට සදහන්වේ.
සියලු පාර්පශව සමග සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරැව  වයස අවුරැදු හතට වැඩි සේවය සම්පූර්ණ කළ  වයස අවුරැදු 35ට වැඩි NVQ 3 – 4 හෝ රියදුරැ සේවය සදහා බරවාහන රියදුරැ බලපත්ත්‍රය සහිත සුදුසුකම් ලත් පිරිසක් ටෙලිකොම් නිත්‍ය සේවයට අනුයුක්ත කිරිමට පිඹුරැපත් සැකසුනු අතර එම සැලසුම ක්‍රියාත්මත කිරීමේදී සුදුසුකම් ලත් 121 දෙනෙකු  තොරාගෙන ඔවුන්ට පත්වීම් ලභාදුන් අතර නමුත් ටෙලිකොම්හි සේවකයින් බදවාගැනීමේ පටිපාටියට අනුව මෙම බදවාගැනිම ක්‍රියාත්මකවූ නිසා වයස 35ට වැඩි නමුත් මෙහිදී  අනෙකුත් අදාල සුදුසුකම් සපුරා ඇති පිරිසකට යම් අසාධාරනයක් සිදුවී ඇත, මක්නිසාදයත් ඔවුන් HCS ආයතන මගින් ටෙලිකොම් ආයතනයට සේවය යොදාවා ඇත්තේ එම සුදුසුකම් සැපිරෑ වයස අවු 35 පෙර නිසාවෙනි.
එම ගැටළු නිරාකරනය කරගැනීම සදහා කම්කරැ කොමසාරිස්වරයා සහ කම්කරැ ඇමතිවරයාගේ කරැණු විමසීමක් සිදු විනි. එහිදි කම් කරැ ඇමතිවරයා විසින් මෙම HCS සේවකයන් ටෙලිකොම් වෙත අනුයුක්ත කිරීමේදී එම සේවකයන් ටෙලිකොම් ආයතනයේ සේවයට පැමිණි දිනයේ වයස සහ සුදුසුකම් මත එවකට ක්‍රියාත්මක වු ආයතනික සේවකයින් බදවාගැනීමේ පටිපාටියට අනුව සිදුකරන ලෙස නිර්දේශ කළ අතර එහිදී යම් ප්‍රමාදයක් සිදුව ඇති අතර මෙම අසාධාරනයට ලක්ව ඇති සියලු සේවකයන්ට මීලග පියවරේදී සාධාරනයට ඉටු කිරිමට අමාත්‍යවරයා පොරොන්දු වී ඇති වකවානුවක් තුල පසුගියදා පැවති වැඩ වර්ජන ක්‍රියාමාර්ගය කරැණු අවබෝධ කර නොගෙන සිදුවූ දෙයක් බවත් ඒ බව HCS සේවකයන් වෙනුවෙන් සහයෝග දක්වන ලබන වෘතීය සමිතිද අමාත්‍යවරයා සමග පැවැත්වු සාකචිඡාවේදී පිළිගෙන ඇත.
නමුත් අපට දැනගන්නට ලැබුනේ මෙම කොන්ත්‍රාත් පදනම මත සේවය කරන HCS සේවකයින් ඕනෑම අවස්ථාවක සේවකයන් සේවයෙන් නෙරපාහැරිය හැකිබවත් විටෙක ඔවුන් ඉවත් කොට සේවය ලබාගැනීම සදහා වෙනත් ආයතනයකට පැවරීමට තීරනයක් වු මොහොතේ අමාත්‍යවරයා මැදිහත්වී එය වලක්වා ඇති බවයි. විවිධ දුෂ්ඨ දේශපාලනිකමය හස්ත මඩ වපුරවමින් බොරදියේ මාළුබෑමට සූදානම් වුවත් එවකට පැවති පාළන අධිකාරිය මගින් අදාල ගැටළුව සම්බන්දයෙන් වෘතීය ක්‍රියාමාර්ග වෙත එළබුණු සේවය අත්හිටුවා තිබු  HCS සේවකයන් හතර දෙනෙකු සේවයේ යළි පිහිටුවීමට ක්‍රියාකළ  අතර එය වෘතීය සමිතිවලට අමාත්‍යවරයෙකු වශයෙන් දිගින් දිගටම කන්දුන් බවට මෙය කදිම නිදසුනක් බවට පැහැදැලිවේ.
මෙම සියළු සේවකයන් ටෙලිකොම්හට අනුයුත්ක කීරීමට පිඹුරැපත් සකසා ඇති මොහොතක අර්ධ රාජ්‍ය ආයතනයක් වන ටෙලිකොම් ආයතනයේ යම් තීරනයක් ගැනීමේදී අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලබාගතයුතු අතර ඒය යම් කාළරාමුවක් අනුව සිදුවන්නක් බවත්  ජාතික වෘතීය පුහුණූ ආයතනය හරහා NVQ 3 – 4 සුදුසුකම ලබාගතහැකි මාස හයක පුහුණු පාඨමාලාවක් ඔස්සේ සුදුසුකම් නොමැති සේවකයින් සුදුසුකම් ඇති  තත්වයට ගෙන මෙම ගැටළු නිරාකරනය කිරිම කටයුතු යොදා ඇති බවත් ලේඛම්වරයා තවදුරටත් පැවසීය.
සේවකයින් වෙනුවෙන් 48% ක් වැටුප් සදහා වෙන්කරන  ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ වර්ථමානයේ පවතින මූළ්‍ය අර්බුධය වෙනුවෙන් ආයතනය රැකිමට විශාල ව්‍යපෘති රාශියක් අමාත්‍යවරයා විසින් ආරම්භ කොට ඇති බව සදහන්වේ. සේවකයින් බදවාගැනීමේ පටිපාටියට අනුව සියළු HCS සේවකයන් සුදුසුකම් ඇති තත්වයට ගෙන ටෙලිකොම් ආයතනය වෙත අනුයුක්ත කිරීමේ ක්‍රියාදාමය සැකසෙමින් පවතින මොහොතක කරැණු අවබෝධ කර නොගෙන සිදුකෙරැන වෘතීය සමිති ක්‍රියාදාමයක් ලෙස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය වෙනුවෙන් තමන් කණගාටු වන බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles