ටොයෝටා සමාගමට ලෙඩක්

0
509

ලොව සුවිශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ජපානයේ ටොයෝටා සමාගම මෑතදී වෙළඳපොළට නිකුත් කළ මෝටර් රථ දා හතර ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් යළි කැඳවා ඇතැයි එරට ආරංචි පවසයි.

එම මෝටර් රථවල වායු බැලූන සම්බන්ධ දෝෂයක් මීට හේතුව බව කියති.

ප්‍රියස් හා ලෙක්සස් යන මෝටර් රථ වර්ග ඊට අයත් බව සඳහන්ය. ඇමරිකාව, යුරෝපය, ජපානය හා චීනය ඇතුළු රටවල් රැසකට අලෙවි කැරුණු එම මෝටර් රථ යළි කැඳවා ඇතැයි ටොයෝටා සමාගම පවසයි.

නමුත් වායු බැලුනවල දෝෂය හේතුවෙන් මෙතෙක් අනතුරක් සිදුව නැති බවද ටොයෝටා සමාගම ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here