ටෝකියෝවට ඔබ්බෙන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක්

0
373

ජපානයේ ටෝකියෝ නුවරට ගිනිකොණදිගින් කිලෝමීටර් 230ක් පමණ දුර පැසිෆික් සාගරයේ රික්ටර් පරිමාණ 6.4ක ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබේ.

ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වාදෙන පරිදි මෙම භූ කම්පනය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් ඇති වූවකි.

එමෙන්ම, ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පෙන්වාදෙන පරිදි මෙම භූ කම්පනයෙන් ජපානයට අනතුරක් නැතත්, වෙරළාසන්න කලාපයේ මුහුදු ජල මට්ටම්වල සුළු ඉහළ යෑමක් බලාපොරොත්තු විය හැකිය.

එමෙන්ම, භූ කම්පනයෙන් පසුව සුනාමි අනතුරු ඇඟවීමක්ද සිදුකර නොතිබුණි.

කෙසේ වෙතත්, භූ කම්පනය හේතුවෙන් ටෝකියෝ හා ෆුකුෂිමා ආශ්‍රිතව කම්පන තරංග දැනී තිබූ බවද විදෙස් වාර්තා පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here