ඩයිනමයිට් කරල් 37ක් සහ සේව නූල් අඩි 372ක් සමග ආයුර්වේද වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

0
484

ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය සමග ආයුර්වේද වෛද්‍යවරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ එහිදී ඩයිනමයිට් සහ සේව නූල් සැකකරුවන් සතුව තිබී සොයාගත් බවය.

වයස අවුරුදු 44ක් වන ආයුර්වේද වෛද්‍යවරයෙකු සහ 41 හැවිරිදි ධීරයෙකු එලෙස ත්‍රිකුණාමලය පොලීසිය විසින් අත්අඩංගුවටගෙන තිබේ.

ඩයිනමයිට් කරල් 37ක් සහ සේව නූල් අඩි 372ක් ඔවුන් සතුව තිබී ඇත.

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ නිලධාරීන්ට ලැබී තිබූ තොරතුරකට අනුව පොලීසිය විසින් එම වැටලීම සිදුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here