ජන මාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පසුගිය දා කසේ අතට ගෙන මෙන් ආයතන වල නිලධාරීන්ට අනර්ථකාරී ක්‍රියා සිදු කරන්නේ නම් ගෙදර යන්න ලෑස්ති වන බවට අවධාරණය කළේය.
ඒ අනුව මේ වන විට අපිට වාර්තා වන්නේ කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රශ්නයකට භාජනය වූ ආයතනයේ සභාපතිවරයා නාරාහේන්පිට පුද්ගලික රෝහලකට ඇතුලත් වී ඇති බවයි.
නාරාහේන්පිට කිංග්ස් පුද්ගලික රෝහලේ ප්‍රකාශකයකු ඒ බව තහවුරු කරමින් පැවසු ඔහුට අසාධ්‍ය තත්වයක් නොමැති බවය. කෙසේවෙතත් ජන මාධ්‍ය ඇමතිවරයාගේ ප්‍රකශය සමඟ ඔහු මෙලෙස සිදු කර ඇත්තේ අනුකම්පාව දිනා ගැනීමට බව පැවසේ.
අදාල සභාපතිවරයා දක්ෂ අධ්යක්ෂවරයකු වන අතර ඔහු මෙලෙස රංගනයට යොමු වීමට හේතු දෙකක් ඇති බව ආයතනයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
ඔහුගේ පවුලේ සාමාජිකයකු ද පසුගිය දා මිය ගිය අතර සියල්ල හමුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ද අනුකම්පාව දිනා ගැනීම සඳහාත් මෙලෙස හැසිරෙන බව පැවසේ.
කිසියම් හේතුවක් නිසා තම ධූරය අහෝසි වුවහොත් ඊට ප්‍රථම තමන්ට ඇති ඉන්ෂුරන්ස් මඟින් ප්‍රතිකාර කර ගැනීම සඳහාත් මෙලෙස හදිසියේ රෝහල් ගත වන්නට ඇතැයි ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩි දුරටත් පැවසුවේය.