Sunday, November 17, 2024

ඩීල් දේශපාලනය තුළ දූෂණය මර්ධනය කිරීම අපහසු දෙයක්

ඩීල් දේශපාලනය තුළ දූෂණය මර්ධනය කිරීම අපහසු බවත් එය මර්ධනය කළ හැක්කේ ඩීල් දේශපාලනය්‍ර්න් තොරව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

සමගි ජන බලවේගය යනු, යාළුකම, හිතවත්කම, නෑදෑකම මත දේශපාලනය කරන ව්‍යාපාරයක් නොවන බව පැවසූ විපක්ෂ නායක,සිය අරමුණ වන්නේත් ඒකායන ප්‍රතිපත්තිය වන්නේත් දූෂණය අතුගා දැමීම බව පැවසීය.

නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නූතනවාදී සංකල්පයක් ලෙස “ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ නියමු ව්‍යාපෘතිය, “සක්වල” පස්වෙනි අදියර ඊයේ (05දා) ආරම්භ විය.

“දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක”සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන වැඩසටහනක් වන “සක්වල” වැඩසටහනෙන් රුපියල් හත්ලක්ෂ පනස්දහසක් (රු.750,000) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් කන්තලේ වාන්ඇල මහා විද්‍යාලයට පරිත්‍යාග කිරීම ඊයේ සිදුවිය.

සුප්‍රසිද්ධ දේශපාලන චින්තකයකු වන ඇක්ටන් සාමි වරයා ප්‍රකාශ කරනවා අසීමිත බලය අසීමිත දූෂණයට මඟපාදයි කියන කාරණය. සමගි ජන බලවේගයේ ප්‍රධාන තේමාව දූෂණය ට විරුද්ධව පිළිවෙලවල් මෙහෙයවීමයි. දූෂණය, රාජ්‍ය මංකොල්ලය, වංචාව තියෙන තැන රටවල් ගොඩනැඟෙන්නේ නැහැ. අපේ රටටත් අද ඒ ඉරණම අත් පත් වෙලා තියෙනවා. එහෙම රටකට ඉදිරියට යන්න බෑ. මේවාට දඬුවම් ලබා දිය යුතුයි. ඩීල් දේශපාලනය තුළ දූෂණය මර්දනය කරන්න බෑ. දූෂණය , අල්ලස , හොරකම යන ඒවායින් සෞඛ්‍යයට අධ්‍යාපනයට වෙන් කරන මුදල් මංකොල්ලකන යුගයක් නිර්මණය වෙලා තියෙනවා. සිරගතව සිටින රංජන් රාමනායක ප්‍රකාශ කරා ඩීල් දේශපාලනයේ පල විපාක. ඒ අය ඔක්කොම යාළුවෝ මල්ලි. මේක තමයි වර්තමාන දේශපාලනයේ යථාර්ථය. සමගි ජනබලවේගයෙ යාළුකම, හිතවත්කම, නෑදෑකම් මත දේශපාලනය කරපු සංස්කෘතිය අතුගා දමනවා” යැයිද පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles