ඩීසල් ඉල්ලුම සීග්‍රයෙන් ඉහළට

0
293

මෙරට ඩීසල් ඉල්ලුම තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවත් මෙම ඩීසල් අර්බුදය මඟ හරවා ගැනීමට මෙම සතිය තුළදී මෙරටට පැමිණීමට නියමිත ඩීසල් නෞකා තුන මුදල් ගෙවා ගොඩබෑම ආරම්භ කළ යුතු බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

මෙරටට පැමිණි තවත් ඩීසල් නෞකාවක ඩීසල් පෙරේදා සිට ගොඩබෑම ආරම්භ කළ බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.

තෙල් ගබඩා පර්යන්ත හරහා මේ වන විට සීමාසහිතව ඉන්ධනහල් වෙත ඩීසල් බෙදා හරිමින් පවතින බවත් දිනකට ඩීසල් මෙටිට්‍රේක් ටොන් 6000 කට ආසන්න තොගයක් නිකුත් කරන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

කෙසේ නමුත් අදත් බොහෝ ඉන්ධනහල් ආශ්‍රීතව ඩීසල් පෝලිම් දක්නට ලැබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here