Wednesday, December 25, 2024

ඩීසල් නැතිවීමෙන් දිගින් දිගටම පොදු ප්‍රවාහනයට බාධා

රටපුරා පවතින ඉන්ධන අර්බුධය හේතුවෙන් හෙට දිනය වනවිට පෞද්ගලික බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම අඩාල වනු ඇතැයි සමස්ථ ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා.

දහවල් කාලයේදී පවා පැය ගණනක් ඉන්ධන පෝලිම් වල රැදී සිටීමට සිදුවීම හමුවේ මේ වනවිටත් බස් කර්මාන්තය විශාල වශයෙන් පාඩු ලබන තත්වයට පත්ව ඇති බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

ඩීසල් නොමැතිවීම හේතුවෙන් පොදු ප්‍රවාහන සේවයට ඊයේ (02) දිනයේ දැඩි බලපෑම් එල්ල වී තිබිණි.

පෞද්ගලික බස් රථ ධාවනය තවදුරටත් සීමාවෙමින් දිවයිනපුරා පෞද්ගලික බස්රථ 4500 ක් පමණක් ධාවනය වූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේය.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන නිකුත් කරන බවට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළත් එසේ ඉන්ධන නොලැබුණ බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසීය.

ඉන්ධන පිරවුම් හල් වලින් ඉන්ධන ලබා ගැනීමේදී පෞද්ගලික බස් රථ සඳහා ප්‍රමුඛත්වයක් ලබා දෙන ලෙසට පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසීය.

මේ අතර ඉන්ධන හිගය හේතුවෙන් අන්තර් පළාත් පෞද්ගලික බස් රථ ධාවනය වූයේ 1500කට අඩු සංඛ්‍යාවක් බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles