Sunday, September 22, 2024

අද ඩීසල් නැතිවුනොත් දුවන බස් ටිකත් නවතින ලකුණු

පෞද්ගලික බස් රථවලට අවශ්‍ය ඩීසල් අද දිනයේදී නොලැබුණාහොත් දැනට ධාවනය කරනු ලබන බස් රථ සංඛ්‍යාවද සීමා වනු ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනය සඳහන් කරනවා.

අද දිනය තුළදී හෝ බස් රථ සදහා අවශ්‍ය ඩීසල් ප්‍රමාණය ලැබෙනු ඇතැයි අපෙක්ෂාවෙන් සිටින බව එම සම්මේලනය පවසනවා

එසේ නොවුණහොත් මගී ජනතාව බරපතල ප්‍රවාහන අර්බුදයකට පත්වීමට ඉඩඇති බවද සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනය සඳහන් කරනවා.

මේ අතර පොදු ප්‍රවාහන සේවයේ යෙදන පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය කරන ඉන්ධන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ වලින් ලබා දීමට තීරණය කර තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා පැවසීය.

ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ වලින් පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය කරන ඉන්ධන ලබා දෙන ලෙසට සියලූම ඩිපෝ කළමනාකරුවන් වෙත උපදෙස් ලබාදී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles