ඩීසල් නැහැ! දිගටම විදුලිය කපනවා – CEB

0
431

ඊයේ (13) පස්වරුවේ පැයකට අධික කාලයක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම විදුලිය විසන්ධි වූ බව වාර්තා විය.

විදුලි බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමේ ගැටලු හේතුවෙන් මෙලෙස විදුලි සැපයුමට බාධා එල්ල වී ඇති බව විදුලිබල අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඒ අනුව ඉදිරියේදීත් මේ ආකාරයෙන් විදුලි සැපයුමට බාධා එල්ලවිය හැකි බවද විදුලිබල අමාත්‍යංශය පැවසීය.

කෙසේවෙතත් අද පෙරවරුවේ විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ප්‍රකාශ කළේ ජනවාරි 22 වැනිදා තෙක් විදුලිය විසන්ධි කිරීමට කටයුතු නොකරන බවය.

කෙසේ නමුත් රටේ ඩීසල් තොග අවසන් වෙමින් පවතින නිසා, විදුලි උත්පාදනයට වැය කරන ඉන්ධන සීමා කර ඇතිවීම මීට හේතුව බව අනාවරණ විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here