ඩීසල් රුපියල් 3 කින්, පෙට්‍රල් රුපියල් 7 කින් වන ලෙස ලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ දමයි

0
518

අද මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක වන පරිදි ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් සිය බෙදුම්හල්වල ඩීසල් හා පෙට්‍රල් මිල ගණන් ඉහළ දමා තිබේ.

ඒ අනුව Octain 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 7කින් සහ සාමාන්‍ය ඩීසල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ දැමීමට කටයුතු කර තිබේ.

මිල සංශෝධන කිරීමෙන් පසුව ලංකා IOC ඉන්ධන පිරවුම්හල් හරහා අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ද රුපියල් 184ක් වේ.

එමෙන්ම අද මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක් ද රුපියල් 3කින් ඉහළ දමා ඇති අතර, ඩීසල් ලීටරයක නව මිල රු 124ක් ලෙස දැක්වේ. 

මේ සමාගම සිපෙට්කෝ බෙදුම්මල්වල ඉන්ධන මිල ගණන් ඉහල දමා නැති නිසා අඩු මිලට තෙල් ඉන්ධන ලබා ගැනීම සඳහා පාරිභෝගිකයන් වැඩි වශයෙන් පැමිණීමට නියමිත අතර ඒ සමගම සිපෙට්කෝ පාඩුව ඉහළ යනු ඇත.

මෙතෙක් සිපෙට්කෝ ඉන්ධන මිල වැඩි කිරීමට තීරණයක් ගෙන නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here