ඩීසල් සහ පෙට්‍රල් ඉන්ධන රැගත් තවත් නැවක් අද දිවයිනට එයි

0
515

ඩීසල් සහ පෙට්‍රල් රැගත් තවත් නෞකාවක් අද (13) දින මෙරටට පැමිණෙන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.එම අමාතංශයේ ලේකම් කේ.ඩී.ආර්.ඔල්ගා මහත්මිය පැවසුවේ ඒ සඳහා වන ගෙවීම් තවමත් සිදුකර නොමැති බවයි.එම නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 20,000ක් අන්තර්ගත වේ.මේ වනවිට වරායේ පවතින ඩීසල් මෙට්ට්‍රික් ටොන් 38,300 ක් සහිත නෞකාවේ ඉන්ධන ගොඩබෑම අද (13) සිදු කරන බවද සදහන් කළාය.

ඇය සඳහන් කළේ , නෞකාවේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය ඊයේ දිනයේ ‌තෙල් ගොඩබෑම සිදුකිරීමට නොහැකි වූ බවය.

ඒ සඳහා වන අ‌මරිකානු ඩොලර් මිලියන 52 ක මුදල මේ වනවිට ගෙවා තිබේ.

ලෝක වෙළෙදපොළේ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් එම ඉන්ධන තොගය ලබා ගැනීමට අමතර ඩොලර් මිලියන 16 ක මුදලක් ගෙවීමට සිදු විය.

මේ අතර රට තුළ සුපිරි ඩීසල් හිඟය සම්බන්ධයෙන්ද බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරිය පැහැදිලි කළාය.

ඇය සඳහන් කළේ මෙරටට රැගෙනවිත් ඇති මෙට්‍රික් ටොන් 7,000 ක සුපිරි ඩීසල් නෞකාවේ ඉන්ධන තවමත් ගොඩබෑම සිදුකරමින් පැවතීම හේතුවෙන් එම තත්ත්වය උද්ගතව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here