Friday, September 20, 2024

ඩීසල් හිඟය නිසා පොදු ප්‍රවාහන බස් සේවා, දුම්රිය කටයුතු අඩාල වන ලකුණු

ඩීසල් හිඟය හේතුවෙන් අද මාර්තු 01) සිට පාසල් සහ කාර්යාල වේලාවන් තුළ පමණක් ධාවනය කිරීමට පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

අද (මාර්තු 01) ඉන්ධන නොමැති වුවහොත් දිවයිනේ 75% ක පමණ පෞද්ගලික බස් රථ ධාවනය නතර කිරීමට සිදුවන බවයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ .

ඒ අනුව තම බස් රථයට රත්මලාන ශ්‍රී ලංගම ඩිපෝව මගින් අද දිනයේ ඉන්ධන සපයා ගැනීමට හැකි වූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේය.

මෙි අතර දුම්රිය ධාවනයට අවශ්‍ය ඉන්ධන පවතින්නේ දින 3 ක් සඳහා පමණක් බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.

පවතින තත්ත්වය හමුවේ දුම්රිය ධාවනය සීමා කරන ලෙස බලධාරීන්ට යෝජනා කළ බව දුම්රිය එන්ජින් රියදුරු සංගමය සඳහන් කළේය.

මේ අතර, ඉන්ධන හිගය නිසා ප්‍රදේශ රැසක ධීවර ජනතාව ද අපහසුතාවකට පත්ව සිටිනවා.

ලංකා අයි.ඕ.සී. සමාගමෙන් ඉන්ධන වැඩි මිලට මිල දී ගෙන හෝ ධීවරයින්ට අවශ්‍ය ඉන්ධන සැපයීමට කටයුතු කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය

මේ අතර, ඩීසල් රැගත් නෞකා ශ්‍රී ලංකාවට පැමිණීම තවත් දින දෙකකින් ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එම නෞකාවන් සඳුදා (පෙබ 28) ශ්‍රී ලංකාවට පැමිණෙන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණත් ඉන්ධන භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ප්‍රමාදයක් පවතින බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ ඩීසල් හිඟය එහි බලපෑමට ලක්ව ඇති අතර බොහෝ ක්ෂේත්‍රවලට බලපා තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles