ඩීසල් 52 කින් සහ පෙට්‍රල් 19 කින් ඉහළ දාන්න සිදුවෙයි ?

0
301

ඉන්ධන මත පනවා ඇති බදු මුදල් ඉවත් නොකළ හොත් ඉන්ධන මිල යළි ඉහළ දැමීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසනවා.

ඒ අනුව ඩීසල් ලීටරයක් රුපියල් 52 කින් හා පෙට්‍රල් ලීටරයක් රුපියල් 19 කින් ඉහළ දැමීමට සිදු වන බව බලශක්ති අමාත්‍ය උයද ගම්මන්පිල මහතා පැවසීය.

ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කරන ලෙස අමාත්‍යවරයා මීට දින දෙකට පෙර මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් ද කළේය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මින් ඉදිරියට ණය මුදල් ලබාදීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සියලුම බැංකුවලට විශේෂ නියෝගයක් ලබාදී ඇතැයි වාර්තා වෙයි.

මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මේ ආකාරයට දිගින් දිගටම විශාල වශයෙන් ණය මුදල් ලබා දුනහොත් බැංකු පද්ධතිය වැඩිකල් නොගොස් සම්පූර්ණයෙන්ම කඩා වැටිය හැකි බවත්, එසේ කඩා වැටුණහොත් එහි වගකීම තමාට භාරගත නොහැකි බවද මහ බැංකු අධිපතිවරයා රජයට දැනටමත් අනතුරු අඟවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here