ඩී. ඒ (06) කෙළින් වේ…!

0
428

මැයි මාසයේදී කඩා බිඳ දැමූ තංගල්ලේ පිහිටි ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ පිළිරුව නැවත එම ස්ථා‍නයේම සවි කිරීම ඊයේ (3) සිදුකෙරිණි.

තංගල්ල මහවෙල මාර්ගයේ ඉදිකර තිබූ මෙම පිළිරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂගේ පියාණන් වන ඩී.ඒ රාජපක්ෂ ගේ පිළිරුවකි. එම පිළිරුව ඉකුත් මැයි මාසයේ 10 වැනිදා කලහකාරී පිරිසක් විසින් කඩා බිඳ දමනු ලැබූහ.


එම පිළිරුව තංගල්ල කාර්ල්ටන් නිවෙස පිහිටි භූමියේ නැවත ඉදිකර පෙර පැවැති ස්ථානයටම රැගෙන ගොස් යළිත් සවිකිරීම සිදුකෙරිණි. ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ තංගල්ල නගරසභාවේ මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්වූහ.


මහින්ද රාජපක්ෂ සහ ගෝඨාබය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරුන් විසින් මෙම පිළිරුව එළැඹෙන 6 වැනිදා විවෘත කිරීමට නියමිතය.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here