Saturday, September 21, 2024

ඩෙංගු ප්‍රභේද 04ම ශ්‍රී ලංකාවේ…!

මේ වනවිට මෙරට තුළ ඩෙංගු වෛරස් කාණ්ඩ 04 ම සංසරණය වන බව නවතම පරීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා. ඉන් වෛරස් කාණ්ඩ 02 සහ 03, ප්‍රදේශ රැසක වැඩිවශයෙන් සංසරණය වන බවයි එහිදී හෙළිවී ඇත්තේ.

වසර කිහිපයකට පසුව ඩෙංගු වෛරස් කාණ්ඩ 01, නැවතත් මෙරට තුළ සංසරණය බව බව ද එම පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා. මෙම කරුණු හෙළිවී ඇත්තේ ජාතික ඩෙංගු මර්දන ඒකකය, වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ආයතනය එක්ව සිදුකළ පරීක්ෂණයකදීයි. මෙරට තුළ සංසරණය වන ඩෙංගු වෛරස් ප්‍රභේද හඳුනා ගැනීම එම නියැදි පරීක්ෂණයේ අරමුණයි. 

ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ මෙලෙස සංසරණය වන වෛරස් කාණ්ඩවල වෙනසක් සිදුවන අවස්ථාවන්හිදී ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් අපේක්ෂා කරන බවයි. මෙම වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 16,497 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් සියයට 70 ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වීම විශේෂත්වයක්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles