Monday, September 23, 2024

ඩෙංගු මඬින්න පියවර රැසක්..

2016 වසරේ  දී ඩෙංගු මර්දන වැඩසටහන යටතේ පරිශ‍්‍ර මිලියනයක් පරීක්ෂාවට ලක් කර ඇති අතර මදුරුවන් බෝවන ස්ථාන ලක්ෂ 02 ක් සොයාගෙන තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යෑම හේතුවෙන්  සෞඛ්‍ය අමාත්‍යාංශය මූලිකත්වයෙන් තෙදින විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ජූලි 13 දින සිට 15 දින දක්වා ක්‍රියාත්මක කර තිබුණි.

දැනට වාර්තා වන රෝගීන්ගෙන් සියයට 50% ක් කොළඹ දිස්ත‍්‍රික්කයෙන් වාර්තාවන අතර කඩුවෙල, කොළොන්නාව,දෙහිවල ගල්කිස්ස මහනගර සභා සීමාවලින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව  වැඩිවී ඇති බවද ඒ මහතා පවසයි.

2009 වසරේ දී ඩෙංගු රෝගීන් 35000 ක් වාර්තා වූ අතර සිදු වූ මරණ සංඛ්‍යාව 346 කි.

2012  වසරේ දී ඩෙංගු රෝගීන් 44,460 ක් වාර්තා වූ අතර මරණ 186 ක් සිදුව තිබේ.

2015 වසරේ දී මරණ 56 ක් සිදු වූ අතර  හමු වූ රෝගීන් සංඛ්‍යාව 29,999 කි.

2016 වසරේ මේ වනවිට ඩෙංගු රෝගීන් 23,505 ක් වාර්තා වී තිබෙන අතර  සිදුව ඇති මරණ සංඛ්‍යාව 40 කි.

මේ  වනවිට ඩෙංගු රෝගය පාලනය කිරීම සදහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත්, දූමායන කටයුතු සිදු කිරීම,රෝගීන්ගේ සත්කාරක සේවා වැඩි කිරීම, රසායනාගාර සේවා වැඩිදියුණු කිරීම, දැඩිසත්කාර හා අධිසත්කාර ඒකක පිහිටුවීම ඉන් ප‍්‍රධානවන බවද ඒ මහතා පෙන්වා දෙයි.

අයි.ඩී.එච් උණ රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, දකුණූ කොළඹ ශික්ෂණ රෝහල ඇතුළු ඩෙංගු රෝගීන් නේවාසිකව ප‍්‍රතිකාර ලබන සියලුම රෝහල් සඳහා අතිරේක වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ ඖෂධ වර්ග ද ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක් ෂජනරාල්වරයා පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles