ඩෙංගු මඬින්න බස්නාහිරට පාට පාට බෑග්..

0
715

බස්නාහිර පළාතේ පැතිර යන ඩෙංගු උවදුර පාලනය කිරීම සදහා විවිධ වර්ණයන්ගෙන් යුත් බෑග් කට්ටලයක් හදුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දීප්ති පෙරේරා කොළඹ අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ වසරේ මේ දක්වා කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 4500 ක් වාර්තා වී ඇති බවයි.

එය පසුගිය වසරට සාපේක්ෂව අඩුවීමක් බව ඇය සදහන් කළා. කෙසේ වෙතත්, කොළඹ දිස්ත්‍රික්කයේ එක්රැස් වන කුණුකසල ඩෙංගු උවදුර සීඝ්‍ර ලෙස පැතිර යාමට හේතුවක් වී තිබෙනවා.

මේ නිසා කුණුකසල එක්රැස් කිරීමට විවිධ වර්ණයන්ගෙන් යුතු බෑග් කට්ටල හදුන්වාදීමට කටයුතු කරන බවයි බස්නාහිර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය දීප්ති පෙරේරා කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here