Wednesday, January 8, 2025

ඩෙංගු මර්ධන වැඩසටහනේ පළමු දිනයේම 336 දෙනෙකුට නඩු…

තෙදින ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ පළමු දිනයේදී පරිශ්‍ර 31,718ක් පරීක්ෂාවට ලක් කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එහිදී මදුරු කීටයින් සමග පරිශ්‍ර 755ක් හඳුනාගත් බව එම අමාත්‍යංශය කියයි.

මදුරුවන් බෝ වන පරිදි පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයින් 336 දෙනෙකු නඩු පැවරීමටත්, තවත් 1387 දෙනෙකුට නොතීසි නිකුත් කිරීමටත් පියවර ගෙන ඇත.

මදුරු මර්දන වැඩසටහන ඊයේ දිනයෙන් ආරම්භ වූ අතර එය හෙට දිනය දක්වා ක්‍රියාත්මකය.

දැනට වාර්තා වන ඩෙංගු රෝගීන්ගෙන් සියයට 50ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම දිස්ත්‍රික්කයේ කඩුවෙල, කොලොන්නාව, දෙහිවල – ගල්කිස්ස මහනගර සභා සීමාවලින් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වී ඇත.

මේ වසර තුළ ක්‍රියාත්මක කළ මදුරු මර්දන වැඩසටහන් තුළදී පරිශ්‍ර මිලියනයක් පරික්ෂාවට ලක් කර ඇති අතර මදුරුවන් බෝවන ස්ථාන ලක්ෂ 02ක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

මේ අතර අයි.ඩී.එච් උණ රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල ඇතුළු ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් ප්‍රතිකාර ලබන රෝහල් සඳහා අතිරේක සෞඛ්‍ය කාර්ය මණ්ඩල යෙදවීමටද අමාත්‍යංශය පියවර ගෙන ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles