Sunday, January 12, 2025

ඩෙන්මාර්කය එරට තුල පනවා තිබූ සියලුම කොරෝනා මර්දන සීමා ඉවත් කරයි

ඩෙන්මාර්කය විසින් එරට තුල පනවා තිබූ සියලුම කොරෝනා මර්දන සීමා ඉවත් කිරීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව තව දුරටත් කොරෝනා වයිරසය සමාජමය වශයෙන් අවදානම්කාරී රෝගයක් නොවන බවටත් ඩෙන්මාර්ක රජය විසින් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම තීරණයත් සමඟ ඩෙන්මාර්ක වැසියන්ට තවදුරටත් මුඛ ආවරණ පැළඳීම, එන්නත් කාඩ්පත් ලඟ තබා ගැනීම, සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම සහ නිරෝධායනය වීම යන කාරණා පිළිපැදීමට අවශ්‍ය නොවනු ඇත.

යුරෝපා කලාපය තුල කොරෝනා පාලන සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉවත් කළ පළමු රට බවට ඩෙන්මාර්කය පත්වන අතර ඉදිරියේදී එරට වැසියන් දැඩි ලෙස කොරෝනා පරීක්ෂා කිරීමට භාජනය නොකිරීමටද රජය තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩෙන්මාර්කයෙන් මේ වනවිට වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන 1,762,628 ක් වන අතර කොවිඩ් මරණ 3,790 වාර්තා වන බව වර්ල්ඩ් ඩො මීටර් වෙබ් අඩවියේ සඳහන් වෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles