Friday, January 24, 2025

ඩෙල්ටාක්‍රෝන් නමින් තවත් කොවිඩ් ප්‍රභේදයක් හඳුනා ගැනේ

ඩෙල්ටාක්‍රෝන් (Deltacron) නමින් තවත් කොවිඩ් ප්‍රභේදයක් හඳුනා ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම දෙමුහුන් වයිරස ප්‍රභේදය සොයාගැනීම සිදුකර ඇත්තේ සයිප්‍රස් සරසවියේ පර්යේෂකයන් පිරිසක් විසිනි.

කොවිඩ් ආසාදනයකදී සාමාන්‍යයෙන් රෝගියෙකුගේ සිරුරට ඇතුළත් වන්නේ එක් ප්‍රභේදයක් වුවත් මෙය අතිශයින්ම දුර්වල අවස්ථාවක් බව සයිප්‍රස් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පවසයි.

මෙම දෙමුහුන් වයිරසය හරහා ඩී.එන්.ඒ හුවමාරුවීමක් වීමෙන් ඉදිරියේදී ඉතා දරුණු ගණයේ නව කොවිඩ් ප්‍රභේදයක් ඇතිවීමේ අවධානමක් ඇතිවිය හැකි බව විද්‍යාඥයින් සඳහන් කර සිටියි.


කොවිඩ් ආසාදනයකදී සාමාන්‍යයෙන් රෝගියෙකුගේ සිරුරට ඇතුළත් වන්නේ එක් ප්‍රභේදයක් වුවත් මෙය අතිශයින්ම දුර්වල අවස්ථාවක් බවයි විද්‍යාඥයින් පවසන්නේ. එමෙන්ම මෙම දෙමුහුන් වෛරස් වික්‍රියාව හරහා DNA හුවමාරුවීමක් වීමෙන් ඉදිරියේදී ඉතා දරුණු ගණයේ නව කොවිඩ් ප්‍රභේදයක් ඇතිවීමේ අවධානමක් ඇතිවිය හැකි බවයි විද්‍යාඥයින් සඳහන් කර සිටින්නේ.

සයිප්‍රස් විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලියොනිඩෝස් කොස්ට්‍රිකිස් පැවසුවේ මෙම දෙමුහුන් වික්‍රියාවේ ජාන ව්‍යුහය ඔමික්‍රෝන් ප්‍රභේදයට සමාන බවත් එහි ජෙනෝම ඩෙල්ටා ප්‍රභේදයට සමානකමක් දක්වන බවයි.

ඩෙල්ටා සහ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයන් එකට එකතුවීමෙන් සෑදුනු මෙම දෙමුහුන් වයිරසය ආසාදනය වූ ආසාදිතයින් 25 දෙනෙකු මේ වනවිට හඳුනා ගැනීමට විද්‍යාඥයින් සමත්ව තිබෙනවා.


දැනට වාර්තා වන දෙමුහුන් ‘ඩෙල්ටක්‍රෝන්’ වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 25 දෙනා ගෙන් 14 දෙනෙකු මේ වන විටත් කොවිඩ් ආසාදනය වීමෙන් රෝහල් ගතව සිටින පුද්ගලයින් වන බවත් සෙසු 11 දෙනා සමාජයෙන් හමුවූ ආසාදිතයින් බවයි සයිප්‍රස් වෛද්‍ය පර්යේෂකයින් සඳහන් කර සිටින්නේ.

සයිප්‍රස් විද්‍යාඥයින් විසින් සිය නව සොයා ගැනීම සම්බන්ධයෙන් වන තොරතුරු ජාත්‍යන්තර දත්ත ගබඩාව වෙත යොමු කොට ඇති බවත් මෙම දෙමුහුන් විකෘති කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යනය කළ යුතු බව ඔවුන් සඳහන් කර සිටියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles