‘ඩෙල්ටා’ ආසාදිතයන් 19ක් මෙතෙක් වාර්තා වී ඇත..

0
617
වේගයෙන් ව්‍යාප්ත වීමේ හැකියාවක් ඇති ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයේ ආසාදිතයින් 19 දෙනෙකු මේ වනවිට මෙරටින් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, ඉන් එක් අයෙකු විදේශිකයෙකු බවයි.

ප්‍රථමෙන් මෙරටින් ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් 5 දෙනෙකු හඳුනාගත් අතර ඔවුන් දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

තවත් 14 දෙනෙකු ඊයේ(03) දිනයේ දී හඳුනාගෙන තිබේ .

දැනට මෙම ආසාදිතයින් පිළිබඳව හා ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇතැයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

ඔහු කියා සිටියේ ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ ආසාදිතයින් තවදුරටත් සෙවීම සඳහා අහඹු පී.සී.ආර්. පරීක්ෂණ සිදු කරන බවය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here