ඩොලරය තවත් නගී – අද උඩ ගිය හැටි මෙන්න! නව මිල රු.260

0
290

අද දිනයේ මෙරට ප‍්‍රමුඛ පෙළේ වාණිජ බැංකු ගණනාවකම ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 260ක් ලෙසද ගැනුම් මිල ලෙස රුපියල් 250ක් ලෙස ද ඔවුන්ගේ වෙබ් අඩවිවල පළ කර තිබේ.

ඒ අනුව සම්පත් බැංකුව
ඩොලරයේ ගැණුම් අගය 250 විකිණුම් අගය 260
කොමර්ෂල් බැංකුව
ඩොලරයේ ගැණුම් අගය 250 විකිණුම් අගය 260
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව
ඩොලරයේ ගැණුම් අගය 249 විකිණුම් අගය 260

කෙසේ වෙතත් රජයේ බැංකුවල ඩොලරයක් රුපියල් 230 සීමාවේ පවතී.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දින දෙකකට පෙර විනිමය පාලනය මදක් ලිහිල් කරමින් කියා සිටියේ ඩොලරයක් 230 සීමාවේ පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි, විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළඳපොළට ඉඩ සලසනු ලබන බව පසුගිය මාර්තු 07 වන දා ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කරන ලදී.

එහිදී මහ බැංකුව පසුගිය දා රුපියලේ විනිමය අගය මදක් ලිහිල් කර අගය පා කරමින් පැවසුවේ ඩොලරයක රුපියල් අගය 230 නොඉක්මවන බව බලාපොරොත්තු වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here