Saturday, September 21, 2024

ඩොලරය 230 වුනාම උද්ධමනයත් වැඩියි. 230 ටත් වඩා වැඩි වෙිවි

ඇමරිකානු ඩොලරයේ විකුණුම් අගය රුපියල් 230 ක උපරිම මට්ටමකට පත් කිරීමට සාපේක්ෂව මෙරට උද්ධමනය තවදුරටත් ඉහල යනු ඇතැයි සමගි ජන බලවේගය පෙන්වා දෙනවා.

ඒ අනුව ඇමරිකානු ඩොලරයේ විකුණුම් අගය රුපියල් 230 ක උපරිම මට්ටමකට පත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණය හමුවේ අඩු අදායම්ලාභින්ගේ වියදම තවදුරටත් ඉහළ යන බව සමගි ජනබලවේගය අවධාරණය කරන්නේ .

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මිය කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළා.

මෙි අතර රටපුරා පවතින ඉන්ධන පෝළිම් ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පෝළිම් වත්මන් ආණ්ඩුවේ සලකුණ බවට පත්ව ඇතැයි රෝහිණී කවිරත්න මහත්මිය අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සදහන් කළා.

මේ වනවිට අත්‍යවශ්‍යම ඖෂධයක් හෝ සොයා ගැනීමට නොහැකි තත්වයක් රටතුල උදා වී ඇති බව ඇය එහිදී වැඩිදුරටත් කියාසිටියා ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles