ශ්‍රී ලංකාවට ඩොලර් උවමනා වන්නේ තෙල් හා ගෑස් වැනි පොඩි පොඩි බඩු ටිකක් ගේන්න පමණක් බව ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.
ඒ සඳහා ඩොලර් ටික සොයා ගත්තම ප්‍රශ්නය අවසන් බව ද හෙතෙම පැවසීය.
මේ වන විටත් මෙරට මුදල්වලින් ගමේ පාරවල් හදමින් රට සංවර්ධනය කරමින් ඇතැයිද ඔහු පැවසීය.
ජන හමුවක් ඇමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කරන ලදී.