Saturday, September 21, 2024

ඩොලර් නැති නිසා කඩදාසි හිඟයි .පාසල් පෙළ පොත් මුද්‍රණයත් සම්පුර්ණයෙන්ම නවතී.

මෙරට පවතින කඩදාසි හිඟය හේතුවෙන් පාසල් පෙළපොත් මුද්‍රණ කටයුතු සම්පූර්ණයෙන්ම නැවතී ඇති බව රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ වැඩ බලන සාමාන්‍යධිකාරී රංජිත් තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

මෙරට පාසල් පෙල පොත් පිටපත් මිලියන හතරක් සඳහා කඩදාසි මෙට්ට්‍රික් ටොන් තුන් දහසක් පමණ අවශ්‍ය බව පැවසූ ඒ මහතා කඩදාසි මෙට්‍රික් ටොන් එකක මිල රුපියල් ලක්ෂ දෙකේ සිට ඉහළ ගොස් තිබෙන බවද සඳහන් කරයි.

සිය ආනයන සැපයුම්කරුවන් සතුව කඩදාසි නොමැතිවීම නිසා අධ්‍යාපන වර්ෂයන්ට අදාල පාසල් පෙළපොත් ඇණවුම් ලබා දීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බව රංජිත් තෙන්නකෝන් මහතා සදහන් කළේය.

මෙම පාසල් පෙළ පොත් මුද්‍රණය සංස්ථාවේ ප්‍රධානම ආදායම් මාර්ගය බවද පැවසූ ඔහු එය අහිමි වූවොත් රුපියල් මිලියන එක්දහස් දෙසීයක් පමණ ආයතනයට අහිමි වී යන බවද හෙතෙම සදහන් කළේය.

තවද මෙරට රාජ්‍ය ආයතනවලට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය ඇණවුම් ලබා දීමට අවශ්‍ය කඩදාසි සම්පාදනය කර ගැනීමේ ගැටලුවක් පැන නැගී ඇති බවත් ලොතරැයි දෙකක මුද්‍රණ කටයුතු ද සම්පූර්ණයෙන් නවතා දමා තිබෙන බවද වැඩි දුරටත් සදහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles