ඩොලර් නැති නිසා ගෑස් තොග නිදහස් කර ගැනීමට බැරිවීම නිසා ගෑස් බෙදාහැරීම අදත් සීමා වෙයි

0
455

ආනයනය කර ඇති ගෑස් තොග නිදහස් කර ගැනීමට ඩොලර් ලබා නොදීම හේතුවෙන් මුතුරාජවෙල ලිට්‍රෝ ගෑස් අංගනයෙන් වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීම අද (10 ) සිට යළි අවම වන බව වාර්තා වෙයි.

මීට දින තුනකට පෙර ගොඩබාන ලද ගෑස් මෙට්‍රික් ටොන් 2500 බෙදාහැරීම අවසන් බවද ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරයි.

සමාගම ආනයනය කරන ලද ගෑස් මෙට්‍රික් ටොන් 7000 ක් අඩංගු නෞකා දෙකෙහි ඇති ගෑස් තොගය නිදහස් කර ගැනීමට ඩොලර් ලබා දෙන ලෙසට සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවට දැනුම් දී ඇති බවද වාර්තා වෙයි.

මේ අතර වෙළඳපොලේ පවතින ගෑස් හිඟය තවත් සතියක පමණ කාලයක් පවතිනු ඇති බව ලිට්රෝ සමාගම පවසනවා.

ගෑස් නොමැතිවීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ආපනශාලා වසා දමා ඇති බවද වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here