ඩොලර් නොමැතිව ගෑස් නැව් 3ක් තවමත් මුහුදේ! එක නැවකට දිනකට ප්‍රමාද ගාස්තුව ඩොලර් 15,000යි!

0
332

මාර්තු 01 වනදා සිට මේ දක්වා කිසිඳු ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් වෙළද පොළට නිකුත් නොකළ බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා. කෙසේවෙතත් ගෑස් රැගත් නෞකා 3 ක් මෙරට මුහුදේ නැංගුරම්ලා තිබෙන්නේ දින 6 කට පෙර සිට බව එම සමාගම පැවසුවේය.

එම නෞකාවල තිබෙන ගෑස් මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් මෙතෙක් නොගෙවීම එම නෞකා මෙරට මුහුදු සීමාවේ තවදුරටත් නැංගුරම් ලා තිබීමට හේතුවයි. මේ හේතුවෙන් එක් නෞකාවක් සඳහා දිනකට අමෙරිකානු ඩොලර් 15,000 බැගින් අදාළ නෞකා තුනටම ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව ඇති බව ද ලිට්රෝ ගෑස් සමාගම පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here