ඩොලර් බිලියනය ගෙවන එක තව අවුරුද්දක් පරක්කු වුණාට කමක් නෑ – ඉන්දියාව

0
450

ඉන්දියාව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයන කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දී තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකමේ කාලය තවත් වසරකින් දීර්ඝ කර ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත.

ණය පහසුකම මෙම වසරේ මාර්තු මස අවසන් වීමට නියමිතව තිබූ අතර ඒ අනුව ණය පහසුකම ලබන වසරේ මාර්තු මස දක්වා කාලය දීර්ඝ කිරීමක් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙනු ලැබ තිබේ.

තවමත් මෙම ණය පහසුකමේ ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක පමණ මුදලක් ශ්‍රී ලංකාව භාවිත කර නොමැති බවත් ඒ සඳහා සාකච්ඡාවලින් අනතුරුව ලබන වසරේ මාර්තු දක්වා ඉන්දියාව ශ්‍රී ලංකාවට කල් ලබා දුන් බවත් නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ප්‍රියන්ත රත්නායක මහතා සඳහන් කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here