ඩොලර් මිලියන 100ක අවි ආයුධ තිබිලා

0
782

කොස්‌ගම සාලාව යුද හමුදා සංකීර්ණයේ අවි ගබඩාව විනාශ වන අවස්‌ථාව වන විට එහි ඩොලර් මිලියන 100 ක පමණ පතරොම් සහ වෙනත් වර්ගයේ උණ්‌ඩ තිබූ බව හමුදාව අනාවරණය කරගෙන ඇත.

මේ අතර හිස්‌ පිත්තල උණ්‌ඩ කොපු විශාල ප්‍රමාණයක්‌ ද එහි ගබඩා කර තිබී ඇත.

මේ පිත්තල කොපු පවා ලබාගැනීමට විවිධ පුද්ගලයන් විසින් උත්සාහ කර තිබූ බව ආරංචි මාර්ග කියා සිටී.

අවි ගබඩාවේ තිබූ උපාංග සහ හමුදා පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයන් විසින් නිරතුරුවම විමර්ශනය කළ යුතුව තිබුණ ද එවැන්නක්‌ සිදු වී නැතැයි ද වාර්තා වේ.

යුද හමුදාවේ පුපුරණ ද්‍රව්‍ය අවි විශේෂඥයෝ 50 කට අධික සංඛ්‍යාවක්‌ සිsටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here