Friday, September 20, 2024

ඩොලර් මිලියන 633.5ක විදෙස්‌ ආයෝජන රටින් පිටව යයි

ගිය වසරේ (2016) මුල සිට පසුගිය පෙබරවාරි මස මැද දක්‌වා කාලය තුළ රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර තිබූ විදේශ ආයෝජන ඇමෙරිකානු ඩොලර් මිලියන 633.5 ක ප්‍රමාණයක්‌ රටින් පිටව ගොස්‌ ඇත.

2016 වසර තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 324.3 ක්‌ සහ 2017 වසරේ පෙබරවාරි 14 දින දක්‌වා කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 309.2 ක්‌ ද ශුද්ධ වශයෙන් රාජ්‍ය සුරැකුම්පත්වලින් විදෙස්‌ ආයෝජකයන් ඉවත් කරගෙන ගොස්‌ තිබේ.

මේ අනුව රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කර තිබූ මුළු විදේශ ආයෝජන ප්‍රමාණය සියයට 4.4 ක්‌ දක්‌වා මේ වන විට සැලකිය යුතු ලෙස පහත වැටී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles