ඩොලර් හිගය අති උග‍්‍රයි.. ඉන්ධන-අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට පොල්ලක්..

0
299

ශ්‍රී ලංකාවේ පවතින ඩොලර් හිගතාවය අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා දැඩි ලෙස බලපා ඇතැයි රජයේ ආරංචි මාර්ග උපුටමින් සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

ඉන්ධන, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා මාසිකව ඇමරිකානු ඩොලර් මිලියන 400-500ක අතර මුදලක් වැය වෙයි.

නමුත් එම ඩොලර් ප්‍රමාණය සොයා ගැනීමද ගැටලුවක් වී ඇතැයි වාර්තාවේ සඳහන්ය.

ඇතිව තිබෙන තත්ත්වය හමුවේ මහ බංකුව සතුව ඇති ඩොලර් සංචිත වලින් ඩොලර් මිලියන 500ක් රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට මුදාහරින ලෙස රජය විසින් මහ බැංකුවට උපදෙස් දී තිබේ.

විදේශවලින් ආනයනය කරන ලද අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ඩොලර් හිගය හේතුවෙන් වරායෙන් නිදහස් කරගැනීමද පසුගිය කාලයේ ගැටලුවක් වී තිබිණි.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙරට සංචාරක ව්‍යාප්තිය කඩා වැටීම හා විදේශ රැකියාවල නියුතු වන්නන්ගෙන් ලැබෙන ප්‍රේෂණ විශාල ලෙස අඩු ඩොලර් සංචිත පහළ වැටීමට හේතු වී තිබේ.

Lankacnews

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here