Saturday, January 18, 2025

ඩොලර් හිඟයක් තියෙද්දිත් චීස්, බටර්, එළවළු, පළතුරු, රසකැවිලි, අයිස්ක්‍රීම් ආනයනයට 2021 දි කෝටි 600 ක් වැයකරලා

රට විශාල ඩොලර් හිඟයකට මුහුණපා සිටියදී චීස්, බටර්, එළවළු,පළතුරු රසකැවිලි, අයිස්ක්‍රීම්, චොක්ලට්, සෝස් වර්ග ඇතුළු ජනතාවට අත්‍යවශ්‍යම නොවන ද්‍රව්‍ය ආනයනය සඳහා පසුගිය වසරේ අමෙරිකානු ඩොලර් කෝටි 600ක් පමණ වැය කර ඇති බව නවතම මහ බැංකු වාර්තාවක සඳහන් වෙයි.

ඒ අනුව 2021 වසරේ ශ්‍රී ලංකාවට එළවළු ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 384ක් වැය කර තිබේ. එසේම චීස් ආනයනය සඳහා ඩොලර් මිලියන 14ක්ද, බටර් ආනයනය සඳහා ඩොලර් මිලියන 3ක්ද, විවිධ පළතුරැ ආනයනය සඳහා ඩොලර් මිලියන 67ක්ද, චොක්ලට්, අයිස්ක්‍රීම්, සෝස් වර්ග හා ආමන්ඩ් ආනයනය සඳහා ඩොලර් මිලියන 47ක්ද වැය කර ඇත.

එසේම ශීතකරණ, ජංගම දුරකථන, දැව ගෘහ භාණ්ඩ, රූපලාවණ්‍ය උපකරණ, රූපවාහිනී ඇතුළු ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 2182ක් වැය කර තිබේ. මෙලෙස 2021 වසරේ ආහාරපාන හා ආහාර නොවන භාණ්ඩ ආනයනය උදෙසා වැය කර තිබෙන මුළු මුදල අමෙරිකානු ඩොලර් මිලියන හයදහස් තිහකි. (6,030කි.) එය ඩොලර් කෝටි 600කට මඳක් වැඩි මුදලකි.

රටේ උග්‍ර ඩොලර් හිඟයක් පවතිද්දී මෙතරම් මුදලක් මේ සඳහා නිදහස් කළේ කෙසේද යන්න අපි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ ඇතැම් වාණිජ බැංකු විසින් ලාභ උපරිම භාණ්ඩ ආනයනය සඳහා මෙලෙස ඩොලර් මුදාහැර ඇති බවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles