ඩොලර් හිඟය නිසා IMF යෑම ගැන ආණ්ඩුවේ මත ගැටුමක්

0
369

ශ්‍රී ලංකාවට දැඩිව බලපා ඇති ඩොලර් හිඟය මඟහරවා ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ගොස් ණයක් ලබාගැනීම පිළිබඳව ආණ්ඩුව තුළ මත ගැටුමක් නිර්මාණය වී තිබේ.

ඇමැතිවරුන් පිරිසක් යෝජනා කර ඇත්තේ මෙම බරපතල අර්බුදය හමුවේ ඇති එකම විසඳුම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම බවයි.

පිරිසක් ඊට දැඩි විරෝධය පළ කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වෙත ගියහොත් ජනතාවගේ සුබ සාධන කටයුතු ආදිය කප්පාදු කිරීමට මුල්‍ය අරමුදල යෝජනා කරනු ඇති බවයි.

මේ හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යන්නේද නැද්ද පිළිබඳව ආණ්ඩුව දෙගිඩියාවට පත්ව සිටී.

ඉන්ධන, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගැනීම සඳහා ඩොලර් හිගය බරපතළ ලෙස බලපා ඇති නිසා තවත් ප්‍රමාද නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමු විය යුතු යැයි පිරිසක් යෝජනා කර ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා පැවැති කැබිනට් මණ්ඩලයේ දී ද ඩොලර් අර්බුදය ගැන දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here