ඩොලර් හිඟය හේතුවෙන් හිරවී තිබූ දින ගණනාවකට පසුව කොළඹ වරායේ භාණ්ඩ කන්ටේනර් 300 ක් නිදහස් කරගනී

0
286

රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් දින ගණනාවක් කොළඹ වරායේ සිරවී තිබූ අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් තොගයෙන් කොටසක් මේ වන විට නිදහස් කරගෙන තිබෙනවා.

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ ඉදිරි දින කිහිපයේදී ඉතිරි කන්ටේනර් ද වරායෙන් නිදහස් කර ගැනීමට හැකිවනු ඇති බවයි. ඒ අනුව මේ වන විට කොළඹ වරායේ සිරවී තිබූ අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 300 ක් පමණ වරායෙන් නිදහස් කර ඇති බවයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ.

කෙසේ වෙතත් තවත් කන්ටේනර් දහසක් පමණ ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් කොළඹ වරායේ සිරවී ඇති බවයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here