Saturday, September 21, 2024

ඩොලර් 110ක් දක්වා බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතී.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වල සඳහන් වන්නේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල 5.8%කි ඉහළ ගොස් ඇති බවය. ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල සඳහන් වූයේ ඩොලර් 111.09ක් ලෙසය.

එය 2014 ජූලි මාසයෙන් අනතුරුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක් සඳහා වාර්තා වූ වැඩිම මිල ලෙස වාර්තා විය. මේ අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොර තෙල් බැරලයක මිල ද 6%කින් ඩොලර් 109.30ක් දක්වා වැඩිවී තිබෙි.

එය 2013 වසරෙන් පසුව ඒ සඳහා ලැබුණු වැඩිම මිල ලෙස සඳහන් විය.

ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ සාමාජිකයින් හදිසි තොගවලින් තෙල් බැරල් මිලියන 60ක් නිදහස් කිරීමට එකඟ වීමෙන් පසුව මෙලෙස මිල වැඩිවීම විශේෂත්වයක්.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නැගෙනහිර යුක්‍රේනයේ යුද්ධ මෙහෙයුමක් ප්‍රකාශයට පත් කිරීමත් සමග පසුගිය මස අවසන් සතිය වන විට බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගියේය.

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල සීඝ්‍රයෙන් වැඩිවීම පාලනය සඳහා බොර තෙල් නිෂ්පාදකයින් බැරල් මිලියන 60ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට එකඟ වී ඇති පසුබිමක මෙලෙස මිල වැඩිවී ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles