Wednesday, January 15, 2025

ණය කොහොමහරි ගෙවනවා. සහන දැනටමත් හැකි තරම් දෙනවා – මුදල් ඇමති

රුපියල් 5000 ලබාදීම ඇතුළු ජනතාවට මේ වනවිටත් සහන හැකි පමණ ලබාදෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාප්පක්ෂ පවසනවා

රට තුළ උද්ගතව පවතින ඩොලර් අර්බුදයට හේතුව වත්මන් රජයේ ක්‍රියා කලාපය නොවන බව මුදල් අමාත්‍යවරයා පවසා සිටියා.

ඉන්ධන මිල සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ අනෙකුත් ඉන්ධනවල මිලට වැඩිවීමේ හැකියාව පවතින බවයි

කොවිඩ් වසංගතය, රුසියා යුක්රේන යුද්ධය ඇතුළු ජාත්‍යන්තර කරුණු සහන ලබාදීමට ගැටලු ඇතිවී ඇති බවත් සහන ලබාදීමට හැකි සෑම දෙයක්ම සිදුකරන බවත් මුදල් අමාත්‍යවරයා සඳහන් කළා.

ණය ගෙවීමේ කටයුතුද කෙසේ හෝ සිදු කරන බවයි මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ

ගම්පහ පිහිටි බස්නාහිර පළාත්බද මහාධිකරණය වෙත (11) පෙරවරුවේ පැමිණි අවස්ථාවේ දී, මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා කියා සිටියේ, ජනාධිපති,අග්‍රාමාත්‍යවරයා සහ ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් රටේ පැන නැඟි අර්බුදයන්ට කඩිනම් විසඳුම් ලබාදීමට මේ වනවිටත් පියවර ගෙන ඇති බවයි.

එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ තෙල්, ගෑස් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇති අතර,එය විසඳාලීමට කඩිනම් තීන්දු තීරණ ගෙන ඇති ද යන වගයි.

ඊට පිළිතුරු දුන් මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ, තෙල් අර්බුදය මෙරට පාලනය විසින් ගොඩනැගූ දෙයක් නොවන අතර, කාලයෙන් කාලයට ලෝක විපර්යාසයන් මත අර්බුද හට ගන්නා බැවින් ඊට අප රටටත් මුහුණපෑමට සිදු වූ බවයි.

විඩ් වසංගතය සමග යුක්රේන සහ රුසියානු යුද අර්බුදය තෙල් මිල දෝලනය වීමට ප්‍රධාන වශයෙන් බලපෑම් එල්ල කර ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා.

කෙසේ හෝ මෙම අර්බුදකාරී තත්ත්වයන් ඉක්මනින් සමනය කොට, තවදුරටත් සහන ලබාදීමට ඉදිරියේදීත් කටයුතු කරන බව මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles