ණය ගෙවීමෙන් පසු ශ්‍රී ලංකාව තවදුරටත් ශ්‍රේණිගත කිරීම්වලින් පහළට?

0
309

ජනවාරි 18 වන දින ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ඇමරිකන් ඩොලර් මිලියන 500ක ණය මුදලක් ගෙවීමෙන් පසු විදේශ සංචිත තවත් පහළ බසින බව ආර්ථික විද්‍යාඥ ආචාර්ය නිශාන් ද මෙල් මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් ශ‍්‍රී ලංකාව තවදුරටත් ශ්‍රේණිගත කිරීම් වලින් පහතට වැටෙනු ඇතැයිද ඔහු පැවසීය.

ණය ගෙවීමෙන් මෙම අර්බුදය විසඳෙන්නේ නැති බවත් ණය ගෙවන තරමට විදේශ සංචිත තවදුරටත් අඩු වන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මෙම තත්ත්වය මත ණය ගෙවීම සඳහා ප‍්‍රතිව්‍යුහගත කිරීමකට යා යුතුව ඇති බව බවත් එම ක‍්‍රියාවලිය දැන්මම පටන් ගත යුතු බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here