ණය ප්‍රතිව්‍යුහගතකරණයට කැබිනට් අනුමැතිය ලැබේ.

0
304

අද දින ආර්ථිකය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව රැස්වීමටත්, යෝජිත මුදල් සහ බැංකු ප්‍රතිව්‍යුගතකරණ පණත එහිදී සාකච්ඡාවටගැනීමට නියමිතය.

ඒ් අතරම ජූලි මස 01 වැනිදා පෙරවරු 9 යි 30 ට පාර්ලිමේන්තුව රැස්වන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර විසින් පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් වෙත ලිපියකින් දැනුම්දී තිබෙනවා.

අදාළ ලිපිය ඊයේ දිනයේදී මන්ත්‍රීවරුන් වෙත යොමුකර ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් අනුව එම දැනුම්දීම සිදුකර තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීම මත, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ට අනුව එළඹෙන ජූලි 01 වැනි සෙනසුරාදා පෙරවරු 09 යි 30ට පාර්ලිමේන්තුව රැස්වන බව දක්වමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේ ඊයේ දිනයේයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here